විකිරණ ආරක්ෂණ පරීක්ෂණ, විකිරනශීලි හදිසි අවස්ථා කළමනාකරණය සහ බලාත්මක කිරීමේ අංශය
විකිරණශීලී ප්‍රභවයන් හා විකිරණශීලී ප්‍රභවයන් සහිත ප්‍රවිකිරණ භාවිතා කරන ස්ථාන පරීක්ෂා කිරීම හා බලාත්මක කිරීමේ කටයුතු අධ්යක්ෂ (පරීක්ෂණ හා බලාත්මක කිරීම් අංශය) යටතේ සිදු කරනු ලැබේ. වර්තමාන අධ්යක්ෂ ලෙස වසර 20 කට අධික අත්දැකීම් ලබා ඇති කපිල ද සිල්වා මහතා කටයුතු කරයි. කර්මාන්ත ක්ෂේත්රයේ විකිරණ ආරක්ෂා පරක්ෂාවන් සිදු කිරීම සහ සියලු ක්ෂේත්‍ර වල අනුකූල නොවීම් සඳහා නීතිමය පියවර ගැනීම පිලිබඳ කටයුතු කරනු ලබන්නේ වසර 17 කට අධික අත්දැකීම් ඇති නියෝජ්‍ය අධ්යක්ෂ (කර්මාන්ත යෙදවුම් පරීක්ෂණ හා බලාත්මක කිරීමේ අංශය) ප්‍රගීත් කඩදුන්න මහතාගේ ප්‍රධානත්වයෙනි. වෛද්‍ය ක්ෂේත්රයේ විකිරණ ආරක්ෂා පරක්ෂාවන් සිදු කිරීම පිලිබඳ කටයුතු කරනු ලබන්නේ වසර 17 කට අධික අත්දැකීම් ඇති නියෝජ්‍ය අධ්යක්ෂ (වෛද්‍ය යෙදවුම් පරීක්ෂණ අංශය) නීල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙනි.
පහත සඳහන් ක්‍රියාමාර්ග මෙම අංශය මගින් සිදු කරයි.
- බලපත්‍ර ලත් ආයතන තුල ආරක්ෂක සහ සුරක්ෂිතතා පරීක්ෂණ සිදුකිරීම. වාර්ෂිකව මෙවන් ආයතන අසන්න වශයෙන් 250 කට අධික සංඛ්‍යාවක් සඳහා පරීක්ෂණ සිදු කරනු ලැබීම.
- විකිරණශීලී ප්රභවයන්ගේ භෞතික ආරක්ෂාව සහතික කිරීම සඳහා ආරක්ෂක පියවරයන් ස්ථාපිත කිරීම සඳහා 1 වන සහ 2 වන කාණ්ඩයේ විකිරණශීලී ප්‍රභවයන් භාවිතා වන ආයතන සඳහා සහාය ලබා දීම
- නීති හා රෙගුලාසි උල්ලංගනය කරන්නන් සඳහා නීතිමය පියවර ගැනීම
- ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව ජාතික විකිරණශීලී හදිසි ප්‍රතිචාර සැලැස්මක් ක්‍රියාත්මක කිරීම.
- විකිරණශීලී අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම
- න්‍යෂ්ටික ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ ආරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතීන් සම්බන්ධයෙන් ජාතික බැඳීම් සපුරාලීම.
- න්‍යෂ්ටික ආරක්ෂාව සහ සුරක්ෂිතතාව පිළිබඳ IAEA වැඩසටහන් සඳහා ජාතික සම්බන්ධතා ස්ථානය ලෙස ක්‍රියා කිරීම
- විකිරණ ආරක්ෂා නිලධාරීන් සහ අනෙකුත් විකිරණ සේවකයන් සඳහා සම්මන්ත්රණ සහ පුහුණු වැඩසටහන් පැවැත්වීම
- මහජනයාට තොරතුරු සැපයීම