අංක 977/18, නුවර පාර, බුළුගහ හංදිය,
කැලණිය

දුරකථන : +9411 2987860
ෆැක්ස් : +9411 2984099

2014 අංක 40 දරණ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත (පනත)

නව පනත ස්ථාපිත කිරීම


නව පනත 2014 නොවැම්බර් 07 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රයේ II වන කොටසට අතිරේකයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර 2015 ජනවාරි 1 වන දින පනතේ විධිවිධාන ප්‍රකාරව ගරු අමාත්‍යතුමා විසින් එම ගැසට් පත්‍රයේ බලගන්වන ලද නිවේදනයක් මගින් බලගන්වන ලදී.

නව පනත මගින් පරමාණුක බලශක්ති අධිකාරිය (AEA) පිහිටවූ 1969 අංක 19 දරණ පරමාණුක බලශක්ති පනත අවලංගු කරන ලද අතර නව පනත යටතේ නව ආයතන දෙකක් ඇති කරන ලදී. ඒ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය සහ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (නියාමන සභාව) වන අතර පරමාණුක බලශක්ති අධිකාරිය අහෝසි කරන ලදී.

නියාමන තන්ත්‍රයක් ස්ථාපිත කිරීම හා පවත්වාගෙන යාම මගින් අයනීකරණ විකිරණවලින් සිදුවිය හැකි අහිතකර බලපෑම් වලින් මහජනතාවගේ, රෝගීන්ගේ, විකිරණ සේවකයන්ගේ සහ පරිසරයේ ආරක්ෂාව සහතික කිරීමේ වගකීම ඉහත පනත මගින් නියාමන සභාවට පවරා ඇත.

ජාතික සංවර්ධන අරමුණු සඳහා න්‍යෂ්ටික විද්‍යාව හා තාක්‍ෂණය භාවිතය ප්‍රවර්ධනය කිරීම හා දිරිගැන්වීම සඳහා ක්‍රියාකාරකම් සිදු කිරීමට ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයට මෙම පනත මගින් බලය ලබා දී ඇත. ශ්‍රී ලංකාව තුළ ජාතික සංවර්ධනය සඳහා සෞඛ්‍ය, කර්මාන්ත, පරිසරය හා කෘෂිකර්මාන්තය යන න්‍යෂ්ටික විද්‍යාව හා තාක්‍ෂණය යොදා ගැනීමට එමගින් අවසර ලබා දී ඇත.

නව පනතේ අරමුණු


  • ස්වාධීන නියාමන අධිකාරියක් පිහිටුවීම.
  • ජාත්‍යන්තර පිළිගැනීම් වලට අනුකූලව ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ ආරක්ෂණය සඳහා අවශ්‍යතා ඇතුළත් කිරීම.
  • ආරක්ෂාව, සුරක්ෂිතතාව සහ ආරක්ෂණය පිළිබඳ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ගිවිසුම්, ප්‍රොටෝකෝල සහ සම්මුතීන් සඳහා සම්බන්ධතා ස්ථානයක් පිහිටුවීම.
  • ව්‍යාපාර, පර්යේෂණ, සේවා සහ තාක්ෂණික සහයෝගීතාව සඳහා වෙනම ආයතනයක් නිර්මාණය කිරීම

2014 අංක 40 දරණ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති පනත බාගත කරගැනීම සඳහා මෙතනට පිවිසෙන්න.